විදේශ රැකියා අංශය

01.රැකියාවක් සඳහා විදේශගත වීමට අවශ්‍ය පවුල් පසුබිම් වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය කරන ලිිපි ලේඛණ මොනවාද?

  • පවුල් පසුබිම් වාර්තාව ලබා ගැනීමේ පෝරමය
  • ජාතික හැඳුනුම්පත
  • විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පිටපත
  • පදිංචිය සනාථ කිරීමේ සහතිකය
  • අවිවාහක නම් ඒ බව සනාථ කර දිවුරුම් ප්‍රකාශයක්
  • දරුවන්ගේ භාරකාරිත්වය සම්බන්ධව අවශ්‍ය ලිපි ලේඛණ
  1. 02. පවුල් පසුබිම් වාර්තාවක් මාස කීයක් වලංගු වේද?
  • මාස 09

03.රැකියා සඳහා විදේශගත වීමට නිර්දේශ කළ හැකි උපරිම සහ අවම වයස් සීමාවන් කොපමණද?

  • අවම වයස් සීමාව
  • ගෘහස්ථ රැකියා සඳහා යන කාන්තාවන්
  • සෞදි අරාබිය සඳහා - වයස අවුරුදු 25
  • අනෙකුත් මැද පෙරදිග රටවල් සඳහා - වයස අවුරුදු 23
  • අනෙකුත් රටවල් සඳහා - වයස අවුරුදු 21
  • ගෘහස්ථ නොවන රැකියා සඳහා
  • වයස අවු - 18
  • උපරිම වයස් සීමාව - අවු - 55

04. පාස්පෝට් එකක් සාදා ගන්නේ කෙසේද?

ඒ සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යා යුතුය.

  • එක් දින සේවයෙන් සාදා ගැනීම - රු.13,500.00
  • තැපෑලෙන් සාදා ගැනීමට - රු.3,500.00

(මේ සඳහා වැඩ කරන දින 10 ක් පමණ ගත වේ.)

05. වයස අවුරුදු 05 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත විය හැකිද?

           නොහැකියි.

News & Events

11
ජන2021
Kachcheri

Kachcheri

sgdsahdhsafjdJFDPOFJOPDJFDSJFJFIJSFDOIH GVGFJDSGFGSDFGDSIISFI       Name Contact No...

Scroll To Top